පාකිස්ථානයේ පොලිස් මුරපොළකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
පාකිස්ථානයේ වයඹදිග ප්‍රදේශයෙන් වාර්තා වන දරුණු ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පුපුරණ ද්‍රව්‍ය පිරවූ මෝටර් රථයක් පොලිස් මුරපොළක් වෙත ධාවනය කරමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි.
ඊට පසුව ත්රස්තවාදීන් මුරපො
ළ තුළට කඩා වැදී වෙඩි ප්‍රහාර දියත් කර ඇති බවත් සඳහන් වෙනවා.
ප්‍රහාරයෙන් පසු සහාය සඳහා පැමිණි ආරක්ෂක අංශ සාමාජිකයින්ටද මග රැක සිටි ත්රස්තවාදීන් ප්‍රහාර එල්ල කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
