වෙළඳ නෞකාවකට කටාර් මුහුදු සීමාවේදී ඩ්‍රෝන ප්‍රහාරයක්

කටාර් ආරක්ෂක අමාත්‍යාංශය කියන්නේ, මෙසයිඩ් වරාය ආසන්නයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙලා තිබෙනවා කියලායි.

අබුඩාබි සිට පැමිණෙමින් තිබූ මේ වාණිජ නෞකාව, කටාර් භෞමික මුහුදු සීමාවේ ගමන් කරමින් සිටියදී ඉරිදා අලුයම ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම ප්‍රහාරයත් සමඟ නෞකාවේ සීමිත ගින්නක් හටගෙන තිබුණත්, කිසිදු පුද්ගල තුවාලයක් වාර්තා වෙලා නැහැ.

පසුව ගින්න පාලනය කරලා, නෞකාව මෙසයිඩ් වරාය බලා ගමන් කිරීමත් දිගටම සිදුකර තිබෙනවා.

අදාළ බලධාරීන් සමඟ එක්ව අවශ්‍ය ආරක්ෂක සහ නීතිමය ක්‍රියාමාර්ගද මේ වන විට ගෙන ඇති බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

Share This