කොළඹ ඇමති බංගලා 24ක්! අදායම් උපයන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයට

කොළඹ තියෙන ඇමති බංගලා 24ක්, කඩ, කැෆේ, ආපනශාලා, කුඩා හෝටල්, තානාපති කාර්යාල සහ වෙනත් කාර්යාල වගේ දේවල් සඳහා භාවිතා කරන්න කැබිනට් මණ්ඩලය තීරණය කරලා තියෙනවා.

මේ අනුව කොළඹ කලාප කිහිපයක බංගලා වෙන් කරනවා. ස්ටැන්මෝ චන්ද්‍රවංකය, මැකෙන්සි පාර, කැප්පෙටිපොළ මාවත, පැජට් පාර වගේ තැන්වල තියෙන බංගලා 12ක් කඩ, කැෆේ, ආපනශාලා වගේ දේවල් සඳහා භාවිතා කරන්න දෙනවා.

බෞද්ධාලෝක මාවතේ තියෙන බංගලා දෙකක් (D2, D4) නිවාස, කඩ, තානාපති කාර්යාල සඳහා යොදාගන්න දෙනවා.
ස්කෙල්ටන් පාරේ තියෙන බංගලා දෙකක් (E1, E2) බුටික් හෝටල් සහ කඩ සඳහා භාවිතා කරනවා.

විජේරාම මාවත සහ කොබ්බෑකඩුව මාවත පැත්තේ තියෙන තවත් බංගලා 9ක් නිවාස, කාර්යාල සහ තානාපති කාර්යාල සඳහා වෙන් කරනවා.

මේ ව්‍යාපෘතියෙන් කඩ, අවන්හල්, නවාතැන් පහසුකම්, විවේකී ස්ථාන, සමාජ ජීවිතය එකට ගැළපෙන “ඇවිදිලා යන්න පුළුවන් සංස්කෘතික කලාපයක්” හදන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

ආයෝජකයන් තෝරන්නත්, ඉස්සර වගේ interest දක්වන්න කියලා නෙමෙයි, direct proposals කැඳවලා තෝරන්න කියලා උපදෙස් දීලා තියෙනවා.

මේ බංගලා 24ක් ආර්ථික වැඩකට යොදාගන්න පුළුවන් කියලා ලැයිස්තුවක් හදලා තියෙනවා. ඒවා පෞද්ගලික අංශයට දෙනකොට අවුරුදු 30ක බදු කාලයක් යටතේ දෙනවා.

හැබැයි කොළඹ 5 ස්ටැන්මෝ චන්ද්‍රවංකය (B63) කියන තැනේ ඉඩමේ හිමිකම පැහැදිලි නැති නිසා ඒක මේ project එකට දාන්නේ නැහැ. ඒ වෙනුවට එතන රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ආයතනයක් හදන්න යෝජනා කරලා තියෙනවා.

තවද, පුරාවිද්‍යාත්මක වටිනාකම තියෙන බංගලා වෙනස් කරන්න නම්, අවසර ගන්නම වෙනවා. එවැනි තැන්වල වෙනස්කම් කරන්නේ ඒ වටිනාකම රැකගෙනම වෙන්න ඕනේ.

ජනාධිපති මන්දිර ගැනත් පසුව තීරණයක් ගන්න තියෙනවා. ඒවා ගොඩක් පිට පළාත්වල තියෙන නිසා, ඒ ගැන පරීක්ෂා කරලා පසුව නිර්දේශ දෙන්න යනවා.

අවසානයට, ඇමතිවරුන්ට වෙනම බංගලා වෙන් කරන්නේ නැහැ කියලා රජය තීරණය කරලා තියෙනවා. ජනාධිපතිවරයාත් තමන්ගේ පෞද්ගලික භාවිතයට ජනාධිපති මන්දිර භාවිතා නොකරන බවත් තීරණය කරලා තියෙනවා.

Share This