තලපති විජේ අකරතැබ්බයක! දිණුවත් බහුතරය නොමැතිව මහ ඇමතිකම නෑ

තමිල්නාඩු මැතිවරණයෙන් ජයග්‍රහණය කරලා බහුතරය ලැබුණා කියලා තලපති විජේගේ TVK පක්ෂය කියලා තිබුණත්, අලුත්ම තොරතුරු අනුව ඔවුන්ට දැන් තියෙන්නේ ආසන 116ක් විතරයි.
තමිල්නාඩු ප්‍රාන්ත සභාවට මුළු ආසන 234ක් තියෙනවා. ආණ්ඩුවක් හදන්න නම් අවම වශයෙන් 118ක් ඕනේ. ඒ කියන්නේ TVK පක්ෂයට තව ආසන 2ක් අඩුයි.
පක්ෂය බහුතරය තියෙනවා කියලා කියලා ආණ්ඩුකාරවරයා හමුවෙලා තිබුණත්, පස්සේ තවත් පක්ෂයක මන්ත්‍රීවරු දෙන්නෙක් “අපි විජේට සහය දුන්නෙ නෑ” කියලා කියලා තියෙනවා.
ඒකත් එක්ක, දැන් විජේට තියෙන්නේ 116 දෙනාගේ සහය විතරයි කියලා ආණ්ඩුකාරවරයා කියලා තියෙනවා. තවද බහුතරය පෙන්වන නිල ලිපි එක්ක ආපහු එන්න කියලාත් උපදෙස් දීලා තියෙනවා.
මේ හේතුවෙන් අද (09) පැවැත්වෙන්න තිබ්බ මහ ඇමති දිවුරුම්දීම තවදුරටත් ප්‍රමාද වෙන්න පුළුවන් කියලා ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
