ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180 පැන්නොත් විදුලිය ගාස්තුව 18% කින් ඉහලට

2026 අවුරුද්දේ දෙවැනි සහ තුන්වැනි කාර්තුවට, ගෙවල්වල විදුලි ඒකක 180ට වැඩියෙන් භාවිතා කරන අයගේ ගාස්තු 18%කින් වැඩි කරන්න මහජන උපයෝගීතා කොමිසම තීරණය කරලා තියෙනවා.

හැබැයි ඒකක 180ට අඩුවෙන් භාවිතා කරන ගෙවල්වලට නම් කිසිම ගාස්තු වැඩිවීමක් නෑ කියලා ඔවුන් කියනවා.

විදුලි හදන්න යන වියදම වැඩි වෙලා, රුපියල් බිලියන 38කට ලගින් හිඟයක් තියෙන නිසාත්, තවත් ප්‍රධාන කරුණු කිහිපයක් හේතුවෙන් මේ 18% වැඩිවීම අනුමත කරලා තියෙනවා.

එත් රජය රුපියල් බිලියන 15ක සහනයක් දෙන්න එකඟ වෙලා තියෙන නිසා, මේ ගාස්තු වැඩිවීම බලපාන්නේ සම්පූර්ණ පාරිභෝගිකයන්ගෙන් 5%කට විතරයි කියලා කියනවා.

 

ඒ කියන්නේ 95%කට මේ වැඩිවීම බලපාන්නේ නැහැ.

මේ අලුත් ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ ඉඳලා ක්‍රියාත්මක වෙනවා.

ගාස්තු වැඩිවීම ලේසිව:
ගෙවල්:
ඒකක 0–180 → වැඩිවීමක් නෑ
180ට වැඩි → 18% වැඩි
පොදු කාර්යය (GP):
GP1 (අඩු ඒකක) → වැඩිවීමක් නෑ
GP2 / GP3 → 18% වැඩි
රාජ්‍ය ආයතන → 18% වැඩි
හෝටල්:
H1 / H2 (අඩු භාවිතය) → වැඩිවීමක් නෑ
වැඩි භාවිතය → 18% වැඩි
කර්මාන්ත:
සුළු / මධ්‍යම → වැඩිවීමක් නෑ
විශාල → 18% වැඩි
පූජනීය ස්ථාන:
ඒකක 180ට අඩු → වැඩිවීමක් නෑ
180ට වැඩි → 18% වැඩි

 

Share This