ඊශ්‍රායල දරුණු ගුවන් ප්‍රහාරවලින් දකුණු ලෙබනනයේ දෙදෙනෙකු මරුට
දකුණු ලෙබනනයේ ටයර් නගරයට ආසන්න ටූරා ප්‍රදේශයට ඊශ්‍රායලය එල්ල කරපු ගුවන් ප්‍රහාරවලින් දෙන්නෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. තවත් පස් දෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කරලා ඇති බවයි විදෙස් මාධ්‍ය කියන්නේ.
ප්‍රහාරයට කලින් ඊශ්‍රායල හමුදාව ටූරා ඇතුළු දකුණු ලෙබනනයේ නගර ගණනාවක ජනතාවට වහාම ඉවත් වෙන්න කියලා දැනුම්දී තිබුණා කියලත් වාර්තා වෙනවා.
මේ අතර ටූරා නගරයට දෙවැනි වරටත් ගුවන් ප්‍රහාර එල්ල වෙලා ඇති අතර, ටයර් දිස්ත්‍රික්කයේ ටයිර් ෆල්සායි ප්‍රදේශයේ නිවසකටත් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
