වියට්නාම් ජනාධිපතිවරයා හෝ චි මිං පිළිරුවට පුෂ්පෝපහාර දක්වයි

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට ආපු වියට්නාම් ජනාධිපති ටෝ ලාම් මහතා අද උදේ කොළඹ මහජන පුස්තකාලයේ තියෙන හෝ චි මිං පිළිරුවට පුෂ්පෝපහාර දැක්වුවා.

වියට්නාම් ජනාධිපතිවරයා එතැනට ආපු වෙලාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඔහුව උණුසුම් ලෙස පිළිගත්තා. ඒ වගේම කුඩා දරුවන් පිරිසක් දෙරටේ ජාතික කොඩි අරගෙන මග දෙපස ඉඳගෙන වියට්නාම් ජනාධිපතිට ගෞරව දැක්වුවා.

ඊට පස්සේ ටෝ ලාම් හෝ චි මිං පිළිරුවට මල් දමා ගෞරව දැක්වූ අතර පාසල් ළමයින් ඇඳපු චිත්‍රත් නරඹන්න එකතු වුණා.

ඊට අමතරව කොළඹ මහජන පුස්තකාලයේ තියෙන “වියට්නාම් – හෝ චි මිං” පරිශ්‍රය පුළුල් කිරීමේ වැඩ ආරම්භ කරන උත්සවයටත් ඔහු සහභාගී වුණා. එහි තිබුණු ඓතිහාසික ඡායාරූප එකතුවත් ඔහු නරඹලා තියෙනවා.

Share This