ප්‍රදේශ රැසකට අද පස්වරු 2.00න් පසු වැසි
අද පස්වරු 2ට පස්සේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් කියලා කාලගුණ දෙපාර්තමේන්තුව කියනවා.
විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවලට මිලිමීටර් 50ට වැඩි තද වැසිත් ලැබෙන්න ඉඩ තියෙනවා.
ඒ වගේම දකුණු පළාතේත්, කළුතර, කොළඹ සහ පුත්තලම දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවලත් උදේ කාලයේ වැසි ඇතිවෙන්න පුළුවන්.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, අම්පාර දිස්ත්‍රික්කයේත් අලුයම් වෙලාවට මීදුම් තත්ත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා කියලත් සඳහන් කරනවා.
ඒ නිසා ගිගුරුම් සහිත වැසි එක්ක එන්න පුළුවන් තද සුළං සහ අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය පියවර ගන්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
