යුරෝපා සංගමෙන් ආනයනය කරන වාහනවලට ට්රම්ප්ගෙන් සියයට 25ක තීරු බද්දක්
එන්න තියෙන සතියේ ඉඳලා ඩොනල්ඩ් ට්රම්ප් ගන්න යන තීරණයක් ගැන දැන් ලොකු කතාබහක් තියෙනවා.
ඔහු කියලා තියෙන්නේ යුරෝපයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන මෝටර් රථ සහ ට්රක් රථ වලට 25%ක තීරු බද්දක් දාන්න යනවා කියලා. ඒකට හේතුව වෙන්නේ වෙළෙඳ ගිවිසුම් ගැන දෙපාර්ශවය සම්පූර්ණ එකඟතාවකට එන්න බැරි වීම.
හැබැයි ට්රම්ප් කියන එකත් තියෙනවා –
“ඔයාලා ඇමරිකාව ඇතුළේම කම්හල් දාලා වාහන හදනවා නම්, කිසිම බද්දක් නෑ” කියලා.
ඒ වගේම ඔහු කියනවා මේ වෙද්දීම ඇමරිකාව ඇතුළේ වාහන කර්මාන්තයට ඩොලර් බිලියන 100කට වැඩි ආයෝජන ඇවිත් තියෙනවා කියලා. ඒ කම්හල් ඉක්මනින්ම වැඩ පටන් ගන්නත් තියෙනවාලු.
කෙටියෙන් කියනවා නම් 👉
යුරෝපයෙන් වාහන ගේනවට බද්ද වැඩි කරලා, ඒ වෙනුවට ඇමරිකාව ඇතුළේම වාහන නිෂ්පාදනය වැඩි කරන්න තමයි මේ පියවර ගන්නේ.
