සටනේදී අමෙරිකාව අසරණ කල ඉරානය ජයගත් Digital යුද්ධය මිසයිලයකට වඩා (meme) බලවත් විය හැකියි

අපි පොඩි කාලේ ඉඳන් “කඩුවට වඩා පෑන බලවත්” කියලා අහලා තියෙනවා. හැබැයි දැන් නම් අහන්න වෙන්නේ—මිසයිලවලට වඩා “මීම” (meme) බලවත් වෙයිද කියලා.

පසුගිය පෙබරවාරි 28ට ඇමරිකාවයි ඊශ්‍රායලයයි ඉරානයට ප්‍රහාර ආරම්භ කළා. හැබැයි බෝම්බ වැටුණත් ටික වෙලාවකින්ම ඉරානය වෙනම “යුද්ධයක්” ජයගන්න පටන් ගත්තේ—සමාජ මාධ්‍ය තුළ. වීඩියෝ, මීම, හාස්‍ය සටහන් දාලා ලෝකයම තමන්ගේ පැත්තට ඇදගත්තා.

පළවෙනි දවස් කිහිපය ඇතුළතම අන්තර්ජාලය පුරා ඉරානයට පක්ෂව අසත්‍ය හෝ හැඟීම්බර පණිවිඩ පැතිරුණා. එතකොටම ඇමරිකාව ඇතුළේම බොහෝ දෙනා මේ යුද්ධයට විරුද්ධ වෙන්න පටන් ගත්තා. කියන්න ගියොත්, ඉරානය වෙඩි බෙරුවෙ නැතුවම මිනිස්සුන්ගේ “මනස්” ඇල්ලුවා.

මේක අහම්බයක් නෙවෙයි. ඉරානය ඉස්සරහටම කිව්වා—මාධ්‍ය බලය මිසයිල වලටත් වඩා බලවත් කියලා. දැන් ඒක පාවිච්චි කරන්නේ නව පරපුරක්—AI, මීම, හිනාවෙන්න දාන්න පුළුවන් content එක්ක. උදාහරණයක් විදිහට, ලෙගෝ animation වගේ වීඩියෝ හරහා, දේශපාලන message එකක් දෙනවට වඩා, මිනිස්සුන්ගේ හැඟීම් ගැටගහනවා.

ඉරානයගේ විහිළුත් හරිම තියුණුයි. ට්‍රම්ප්ට “you’re fired” කියලා එයාගේම වචනෙන්ම කියන එක වගේ දේවල්, හෝ හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන social media වල විහිළු—මේවා හුඟක් viral වුණා.

මේකට පසුබිම තියෙන්නේ ලොකු ජාලයක්—official accounts වලට අමතරව fake profiles, AI content, සහ රුසියාව-චීනය වගේ රටවල් share කරන support එක. මිනිස්සුන්ට ඇත්තද කියලා බලන්න වෙලාවක් නැතිව, ඒක “දැනෙනවා” නම් ඇති.

හරිම විශේෂ දෙයක් තමයි—ඉරානය මේ game එක ඉගෙනගෙන තියෙන්නේ ට්‍රම්ප්ගෙන්ම කියලා කියන එක. එයාගේ attention-grabbing style එක, දැන් එයාටම එරෙහිව භාවිතා වෙනවා.

අන්තිමට කියන්න තියෙන්නේ—අද යුද්ධ ජයගන්නේ ගන්, බෝම්බ වලින් විතරක් නෙවෙයි. කාලයක් තුළ phone screen එකේ පේන පොඩි මීම එකක්වත් මිනිස්සුන්ගේ හිත වෙනස් කරලා ජය ගන්න පුළුවන් කියලා.

Share This