මාලදිවයින් ජනාධිපති මුසිසු මැතිතුමාගේ ශ‍්‍රී ලංකා රාජ්‍ය සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම

ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයාගේ ආරාධනාවකට අනුව, මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහත්තයා මැයි 3 ඉඳලා මැයි 5 වෙනකන් ශ්‍රී ලංකාවට සංචාරයකට එන්න යනවා.

මේ සංචාරය අතරතුර දෙරට අතර සම්බන්ධතා වැඩිදියුණු කරගන්න, විවිධ ක්ෂේත්‍ර වල ගිවිසුම් කිහිපයකට අත්සන් කරන්න කැබිනට් එකත් අනුමැතිය දීලා තියෙනවා.

ඒ කියන්නේ,

ආරක්ෂක අංශ අතර පුහුණු වැඩසටහන්, කාර්ය මණ්ඩල හුවමාරු, සහ පර්යේෂණ කරන්න එකට වැඩ කරන ගිවිසුමක්,
ගුරුවරුන්ට සහ පාසල් ප්‍රධානීන්ට පුහුණුව සහ වෘත්තීය සංවර්ධනයට සම්බන්ධ ගිවිසුමක්,
සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ එකට වැඩ කරන්න ගිවිසුමක්,
සංචාරක ක්ෂේත්‍රය දියුණු කරගන්න ගිවිසුමක්,
ලේඛන සහ දත්ත රැකගැනීමේ ක්ෂේත්‍රයේ එකට වැඩ කරන ගිවිසුමක්,
තරුණයින් සහ ක්‍රීඩා සංවර්ධනයට අදාළ ගිවිසුමක්

වගේ ගිවිසුම් කිහිපයක් අත්සන් කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා.

මෙම සංචාරය දෙරට අතර සහයෝගිතාව තවත් ශක්තිමත් කරගන්න වැදගත් එකක් වෙයි කියලා හිතනවා.

Share This