දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූ ගඟවට ජනතාවට හන්තානෙන් ඉඩම්
“දිට්වා” සුළි කුණාටුවෙන් විපතට පත් වෙච්ච අයට සහන දෙන වැඩ තවදුරටත් කරගෙන යනවා.
මහනුවර දිස්ත්‍රික්කේ ගඟවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් මේ සුළි කුණාටුවෙන් බරපතළ බලපෑමක් එල්ල වෙලා තිබුණා.
එතැන නිවාස අහිමි වුණු පවුල් 44කට ඉඩම් ලබා දීම අමාත්‍ය ලාල්කාන්ත මහත්තයාගේ මූලිකත්වයෙන් කරලා තියෙනවා. මේකට මන්ත්‍රීවරු තනුර දිසානායක සහ ඊ.එම්. බස්නායක මහත්වරුත් එක්වෙලා තියෙනවා.
හන්තාන ප්‍රදේශයේ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩමකින් තමයි මේ ඉඩම් කට්ටි වෙන් කරලා තියෙන්නේ.
ඒ පවුල්වලට එක් එක්ට රුපියල් ලක්ෂ 50 බැගින් වන්දි මුදල් ද දෙන්නත් නියමිතයි.
ඒ අතරේ, දොලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විපතට පත් ජනතාවටත් වන්දි ලබා දීම පහුගියදා සිද්ධ වෙලා තියෙනවා.
එතැන පවුල් 1596ක් විපතට පත් වෙලා තියෙනවා කියලා හඳුනාගෙන තියෙනවා. ඒ අතරින් නිවාස 771ක් පූර්ණයෙන්ම විනාශ වෙලා.
ඒවටත් ලක්ෂ 50 බැගින් වන්දි දීලා තියෙනවා.
