පාස්කු නඩුව සම්බන්ධයෙන් පූජිත් ජයසුන්දර කළ ඉල්ලීමක් මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි
පාස්කු ඉරුදින ප්‍රහාර නඩුවට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර කරපු ඉල්ලීමක් අද (24) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
ඔහුට එරෙහිව නඩුව තියෙන්නේ, ප්‍රහාරයක් වෙන්න යනවා කියලා කලින්ම තොරතුරු ලැබිලා තිබුණත් ඒක වැළැක්වීමට පියවර නොගත්තේ කියන චෝදනා යටතේයි.
අද නඩුවේදී, විත්ති කූඩුවෙන් ඔහු ඉල්ලලා තිබුණේ තමන් කලින් දීපු ප්‍රකාශයට අලුත් කරුණු එකතු කරන්න අවසර දෙන්න කියලා. හැබැයි අධිකරණය ඒ ඉල්ලීම පිළිගෙන නැහැ.
මේ නඩුවට සම්බන්ධව විත්තියේ සාක්ෂිකරුවන් විදිහට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරත් අධිකරණයට ඇවිත් තිබුණා.
