දන්සල් දෙන හැටි ගැන PHI ගෙන් විශේෂ දැනුම්දීමක්

එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිත දන්සල් මේ වන විට ලියාපදිංචි කිරීම ආරම්භ කරලා තියෙනවා කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියනවා.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කේ. පී. බොරලැස්ස මහතා කියන්නේ, දන්සල් පවත්වන්න බලාපොරොත්තු වෙන අය ඒ ගැන අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කරලා ලියාපදිංචි කරන්න ඕනේ කියලා.

ඒ වගේම දන්සල තියන ස්ථානය සහ දන්සලේ වර්ගය ගැනත් නිවැරදිව දැනුම් දෙන්න කියලා ඔහු ඉල්ලා තියෙනවා.

ලියාපදිංචියෙන් පස්සේ, දන්සල් සංවිධායකවරුන්ට සෞඛ්‍යාරක්ෂිතව දන්සල් පවත්වන ආකාරය ගැන දැනුවත් කිරීමේ වැඩසටහන්ත් ක්‍රියාත්මක කරන්න නියමිතයි.

ඒත් ලියාපදිංචි නොකර හෝ සෞඛ්‍ය නීති අනුගමනය නොකර දන්සල් පවත්වන අයට එරෙහිව නීතිමය පියවර ගන්නත් බලාපොරොත්තු වෙනවා.

බොරලැස්ස මහතා වැඩිදුරටත් කියන්නේ, දන්සල් ස්ථානයේ පිරිසිදුකම, ජලය, ආහාර පිසීමේ උපකරණ සහ ආහාර සකස් කරන අයගේ සෞඛ්‍ය තත්ත්වය පවා පරීක්ෂා කරනවා කියලා. ඒ හැමදේම කරන්නේ ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ආහාර ලබාදීමේ අරමුණෙන් කියලත් ඔහු සඳහන් කළා.

Share This