Vezel එකෙන් පාරේ රගපු හීනටියන ඩ්‍රයිවර් මල්ලි අල්ලයි

කටුනායක හීනටියන පැත්තේ තිබ්බ අවුරුදු උත්සවයක් අතරතුර, බොහොම අන්තරාදායක විදිහට කාර් එකක් ධාවනය කරපු තරුණයෙක්ව කටුනායක පොලීසිය අත්අඩංගුවට අරගෙන තියෙනවා.

කතා වෙන්නේ, පාපැදි රේස් එකක් යන වෙලාවක, ඒක ඉස්සරහින්ම මේ කාර් එක ගියා කියලා. ඒකත් සාමාන්‍ය විදිහට නෙවෙයි—පාර දෙපස හිටපු ජනතාවටත්, ඔවුන්ගේ දේපළවලටත් අනතුරක් වෙන්න පුළුවන් විදිහට බොහොම අවිධිමත් විදිහට.

මේ සිද්ධියට අදාල වීඩියෝ එකක් දැනටමත් සෝෂල් මීඩියා වල හරිම වේගයෙන් පැරෙමින් තියෙනවා.

ඒ වීඩියෝ එක බලලා පොලීසිය කරපු විමර්ශන වලින් පස්සේ, ඒ තරුණයාත් කාර් එකත් පොලිස් භාරයට ගන්න කටයුතු කරලා තියෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 26 වයසේ, මිනුවන්ගොඩ පැත්තේ පදිංචි කෙනෙක් කියලා හඳුනාගෙන තියෙනවා.

ඊට පස්සේ ඔහුව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරලා, මැයි 4 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා.

මේ ගැන තවදුරටත් විමර්ශන කටයුතු කටුනායක පොලීසියෙන් කරගෙන යනවා.

Share This