හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ට ඇප
ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අයුතු ලෙස භාවිතා කළා කියන චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කරගෙන හිටපු හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත නිදහස් කරන්න වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරලා තියෙනවා.
අද (24) වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා මහත්මිය ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදීයි මේ තීරණය ලබා දීලා තියෙන්නේ.
ඒ අනුව, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප හතරක් මත නිදහස් කරලා තියෙනවා.
මේ නඩුව ගොනු කරලා තියෙන්නේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කරන පරීක්ෂණයක් අනුවයි. මේකට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු නම් කරලා තියෙනවා.
