සයිබර් ප්‍රහාරය අල්ලන්න ජාත්‍යන්තර සහය ලැබෙමින් පවතිනවා – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

මුදල් අමාත්‍යාංශයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් අපරාධකරුවන් විසින් හොරකම් කිරීමේ සිද්ධිය ගැන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අද (24) විශේෂ අදහස් දැක්වීමක් කළා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ මේ ගැන දැනටමත් පරීක්ෂණ පවත්වන බවයි.

සයිබර් අපරාධකරුවන් පිරිසක් මුදල් අමාත්‍යාංශයට සම්බන්ධ වෙලා ඩොලර් මිලියන 2.5ක් (ලංකා මුදලින් රුපියල් කෝටි 75කට වඩා වැඩි මුදලක්) අත්පත් කරගෙන තිබෙනවා. මේ ගැන හොයලා බලන්න පරීක්ෂණ කණ්ඩායම් පත් කරලා තියෙන බවත්, මීට සම්බන්ධ අයට අනිවාර්යයෙන්ම දඬුවම් දෙන බවත් අගමැතිනිය කිව්වා.

මේක අන්තර්ජාලය හරහා සිද්ධ වුණු අපරාධයක් නිසා ඒ ගැන හොයන්න ජාත්‍යන්තර ආයතනවල උදව් පවා දැන් ලංකාවට ලැබෙනවාලු. රජයක් විදිහට මේ වෙලාවේ කරන්න ඕන හැම දෙයක්ම කරනවා කියලත්, මේ මුදල් සහ වැරදිකරුවන් ගැන හොයන්න පසුබට වෙන්නේ නැහැ කියලත් ඇය සහතික වුණා.

#HariniAmarasuriya #CyberCrime #FinancialFraud #SriLankaNews #BreakingNews #MinistryOfFinance #Lka #NewsUpdate #SriLankaGovernment
Share This