යෝෂිතගේ නඩුව කල්යයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කරලා තියෙන නඩුව කොළඹ මහාධිකරණයේදී විභාග වුණා.
ඒ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවලා තියෙනවා.
අවසර ලැබුණු පරිදි, මේ නඩුව නැවත ජූනි මස 10 වනදා කැඳවන්න කියලා අධිකරණය නියෝග කරලා තියෙනවා.

