අත්අඩංගුවට ගත් හිටපු ඇමති පියසේන ගමගේට ඇප

දූෂණ චෝදනාවකට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා ඇප මත මුදාහැරීමට අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් වන අතර, අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙනය.

විමර්ශන අනුව, 2015 වසරේදී නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ, නියමිත නීතිමය ක්‍රියාපටිපාටි වලට පටහැනිව ගාල්ල දිස්ත්‍රික්කයෙන් සුළු සේවකයින් 134 දෙනෙකු කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට බඳවාගෙන ඇති බව සඳහන් වේ.

එම බඳවාගැනීම් දේශපාලන හිතවාදීන්ට වාසියක් ලබාදීමේ අරමුණින් සිදුකර ඇති බවට ද හෙළි වී තිබේ.

තවද, විනය හේතු මත යාපනයේ තාක්ෂණ විද්‍යාලයේ අධ්‍යක්ෂවරයාට ලබා දී තිබූ ස්ථාන මාරුවක් අවලංගු කරවීම සඳහාද හිටපු අමාත්‍යවරයා බලපෑම් කළ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Share This