ලංගමට ගෙනා සැප බස් ටික හෙට මාකුඹුරෙන් ගමන් අරඹයි
මාකුඹුර බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් නව පතුල පහත් (low-floor) ප්‍රමුඛතා බස් සේවාවක් හෙට (21) සිට නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වෙනවා. මේ වැඩසටහන ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කරන එකක්.
රුපියල් මිලියන 430කට අධික මුදලක් යොදාගෙන, “Clean Sri Lanka” වැඩසටහන යටතේ මෙය හඳුන්වා දීලා තියෙන්නේ හැමෝටම සමාන පහසුකම් ලබාදීමේ අරමුණෙන්.
මුල් අදියරේදී, රෝද පුටු භාවිත කරන අය ඇතුළු ආබාධිත මගීන්ට පහසු වෙන්න විශේෂයෙන් සැලසුම් කළ, වායු සමනය කරන ලද පතුල පහත් බස් 10ක් යොදවනවා. එක් බස් එකක මගීන් 80 දෙනෙක් ගෙන යන්න පුළුවන්, ආසන 33ක් සහ ආරක්ෂක පහසුකම්ද තියෙනවා.
මෙම බස් සේවාව මාකුඹුර–පිටකොටුව සහ මාකුඹුර–කඩවත අතර ධාවනය වෙන අතර, කාර්යබහුල වෙලාවලට විනාඩි 40කට වරක් සේවා තියෙනවා. මහරගම අපේක්ෂා රෝහල, කොළඹ ජාතික රෝහල වගේ ප්‍රධාන රෝහල්ත් මේ මාර්ගයට ඇතුළත් වෙනවා.
