ගෝඨා ගෙන්නපු රු.කෝටි තුනක කාබනික පොහොර තවමත් ගබඩාවල
පරිසර හිතකාමී දේශීය පොහොර මිලදී ගැනීමේ ව්‍යාපෘතිය යටතේ 2021/2022 කාලයේ රුපියල් තුන්කෝටි විසිඅට ලක්ෂයකට අධික වටිනාකමකින් කාබනික පොහොර ටොන් 2,487ක් ගෙනලා තියෙනවා. හැබැයි ඒ පොහොර කිසිම කටයුත්තකට භාවිතා නොකර තවමත් ගබඩාවලම තියෙනවා කියලා ජාතික විගණන කාර්යාලය කියනවා.
මේ පොහොර සීමාසහිත ලංකා පොහොර සමාගම විසින් මිලදී ගත්ත එකක්. අම්පාර, හොරොව්පතාන, මැදවච්චිය, නොච්චියාගම, බදුල්ල, මඩකළපුව, දෙහිගහලන්ද, හිඟුරක්ගොඩ, ඇඹිලිපිටිය වගේ ප්‍රදේශ ගබඩාවල තවමත් මේවා තියෙනවා.
ඒවාට මොනවා කරන්නද කිය
ලා තවමත් පැහැදිලි තීරණයක් ගත්තෙත් නැහැ කියලාත් වාර්තාවෙන් කියනවා.
