හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය හෙට මහනුවරදී

සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව, හිස තෙල් ගෑමේ නැකත හෙට (15) පෙරවරු 6.55ට යෙදී ඇති බව සඳහන් වේ.

එම නැකත අනුව, කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා, හිසට කොහොඹ පත් සහ පයට කොලොන් පත් තබා, කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු සහ තෙල් යොදා ස්නානය කිරීම ශුභ ලෙස සැලකේ.

මෙම අවස්ථාවට සමගාමීව, හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි ශ්‍රී මහා නාථ දේවාල භූමියේදී පැවැත්වීමට නියමිතය.

එම මහෝත්සවය මල්වතු හා අස්ගිරි මහනා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

Share This