ඩුබායි වරාය අසලදී යෝධ බොරතෙල් නෞකාවකට ඉරානයෙන් ප්‍රහාරයක්!
මාර්තු 31 අළුයම ඩුබායි වරාය ආසන්නයේ නැංගුරම් ලා තිබුණු Al Salmi නැමැති අතිවිශාල බොරතෙල් ප්‍රවාහන නෞකාවකට ඉරානය විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් මේ වන විටත් එම නෞකාව දැඩි ලෙස ගිනි ගනිමින් පවතිනවා.
කුවේට් ඛනිජ තෙල් සංස්ථාව නිල වශයෙන් තහවුරු කර ඇති ආකාරයට, මේ ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට නෞකාව මුළුමනින්ම බොරතෙල් වලින් පුරවා තිබී ඇත. ජාත්‍යන්තර සමුද්‍රීය වාර්තා පෙන්වා දෙන්නේ එහි බොරතෙල් බැරල් මිලියන 2ක් පමණ ගබඩා කර තිබූ බවයි. ප්‍ර,හාරයෙන් නෞකාවේ බඳ කොටසට දැඩි හානි සිදුවී ඇති අතර, මේ වෙද්දීත් ඩුබායි මුහුදු තීරයේ ගිනි නිවන බලකායන් රැසක් එක්ව ගින්න පාලනය කිරීමට දැවැන්ත මෙහෙයුමක් දියත් කරමින් සිටිනවා. කෙසේ වෙතත්, නෞකාවේ සිටි 24
දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවී තිබෙනවා.
දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවී තිබෙනවා.