ජල ගාස්තුව වෙනස් වෙනනේ නෑ

විදුලි බිල වැඩි වුවද ජල ගාස්තු සංශෝ­ධ­න­යක් මේ මොහොතේ සිදු නොක­රන බවත් ඒ සම්බ­න්ධ­යෙන් කිසිදු සාක­ච්ඡා­වක් පවත්වා නැති බවත් ජාතික ජල සම්පා­දන හා ජලා­පවහන මණ්ඩ­ලයේ සභා­පති චන්දන බණ්ඩාර මහතා පවසයි. මුල් මාස හයේදී ජල බිල සංශෝ­ධ­න­යක් සිදු නොක­රන බවත් එය සිදු කරන්නේ නම් එය සිදු­වන්නේ ජූනි මස 30 වැනි­දා­යින් පසුව බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.

ඉදිරි සති දෙක තුළ ජලය ඉතා අර­පි­රි­මැ­ස්මෙන් භාවිත කරන මෙන් ද ලබු­ගම හා කල­ටු­වාව ඇතුළු ප්‍රධාන ජල­මූ­ලාශ්‍ර ආශ්‍රිත ජල මට්ටම ශීඝ්‍ර­යෙන් පහළ බැස ඇති හෙයින්  ඒය විශාල ගැටලුවක් වන බවද සභාපති­ව­රයා සඳ­හන් කරයි. අත්‍ය­වශ්‍ය දේ සඳහා පම­ණක් ජලය භාවිත කරන ලෙස ද ඒ මහතා වැඩි­දු­ර­ටත් පවසන අතර ඒසේ නොකළ හොත් අඛණ්ඩව ජලය සැපයීමට බාධා එල්ලවිය හැකි බවද ඔහු කියා සිටී.

Share This