2026 උසස් පෙළට අයදුම් කිරීම අප්‍රේල් 24න් අවසන්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2026 විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය අප්‍රේල් මස 24 වැනිදා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි. මෙම අයදුම්පත් කැඳවීම ඊයේ (24) ආරම්භ කෙරිණි.
පෞද්ගලික හා පාසල් සියලු අයදුම්කරුවන් මාර්ගගතව පමණක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk වෙත පිවිස අදාළ උපදෙස් අනුව නිවැරදිව අයදුම්පත් යොමු කළ යුතුය. රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් තමා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති මඟින් ද, පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින් පෞද්ගලිකවම ද අයදුම්පත් යොමු කළ යුතු බවට වැඩි දරටත් සදහන් වෙනවා.
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලබාදී ඇති පරිශීලක නාම සහ මුරපදය භාවිත කරමින් අයදුම්පත් යොමු කළ යුතු අතර පෞද්ගලික අයදුම්කරුවන් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කර තමා විසින් මාර්ගගතව අයදුම්පත් යොමු කළ යුතු බවද පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත් විදුහල්පතිවරුන් විසින් ද, පෞද්ගලික අයදුම්කරුවන් තමා විසින්ම ද ඉදිරිපත් කිරීමෙන් පසුව එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවක දී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතු බවද අවධාරණය කරනවා.
අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන නිසා නියමිත දිනට පෙර විභාගය සඳහා ඉල්ලුම් කිරීමට කටයුතු කරන ලෙස ද විභාග කොමසාරිස්වරිය වැඩි දුරටත් පවසා සිටිනවා.
මේ සම්බන්ධව යම් විමසීමක් අවශ්‍ය නම් 1911, 0112785922, 0112784537, 0112786616, 0112784208 දුරකතන අංකවලින් වැඩි දුර තොරතුරු විමසා
දැන ගත හැකි ය.
