මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති යුදමය තත්වය සමථයකට පත් කිරිම සඳහා කලාපීය ආරක්ෂක රාමුවක් සකස් කිරිමට ඉරාන ජනාධිපති මසූඩ් පෙසෂ්කියන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දීය අගමැතිවරයා වත්මන් සභාපතිත්වය දරන බ්‍රික්ස් සංවිධානයට මේ ගැටුම් විසඳීම සඳහා වැදගත් භූමිකාවක් ඉටු කළ හැකි බව ද ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දී ඇතැයිද වාර්තා වන අතර අර්බුදය මධ්‍යයේ නරේන්ද්‍ර මෝදි සමඟ දුරකතන සංවාදයක නිරත වූ ඉරාන ජනාධිපතිවරයා මේ යෝජනාව ඉදිරිපත් කර ඇත. ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය අගමැතිවරයා තීරණාත්මක යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර හෙළා දකිමින් ජාත්‍යන්තර නැව් මාර්ගය සුරක්ෂිත කිරීමේ වැදගත්කම දැඩිව අවධාරණය කර ඇතැයි වාර්තා වේ.

