සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුර ප්‍රචාරය කළ අයෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන නැති බව සදහන් කරමින් විදේශිකයින් පැමිණීම අධෛර්යමත් කරන, සංචාරක ව්‍යාපාරය පසුබෑමට ලක්වන, මහජන පෙළඹවීම් ඇතිවන පරිදි අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමට අදාළව සැකකරුවෙකු ඊයේ(21) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 53ක්වන වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරු

වෙක් බව සදහන්.  මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share This