ඉරානයට එරෙහිව එක්වන ලෙස නෙතන්යාහුගෙන් ලෝක නායකයින්ට ඇරයුමක්
ඉරානයට එරෙහි යුද්ධයට එක්වන්නැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ලෝක නායකයින්ගෙන් ඉල්ලීමක් කරයි.
ඉරානයට එරෙහිව ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් ආරම්භ කර ඇති යුද්ධය සදහා විශාල ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය බව ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
මේ වන විටත් ඇතැම් රටවල් එම ක්‍රියාමාර්ග සඳහා සහය පළකරමින් සිටින බවත් ඔහු පවසයි.
එමෙන්ම ඉරානය සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ඔවුන්ට යුරෝපය දක්වා ඉලක්ක එල්ල කළ හැකි දිගු දුර අවි පවතින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
