තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම් ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම් පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද (08) පස්වරු 02.00ට නිකුත් කර ඇති එම නිවේදනය හෙට (09) පස්වරු 02.00 දක්වා බලාත්මක වනු ඇති.
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ බටහිර – වයඹ දෙසට ගමන් කිරීමට ඉඩ පවතින බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.
එය දෙසැම්බර් 11 වැනිදා ශ්‍රී ලංකා – තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ළඟා වීමට බොහෝ දුරට ඉඩ පවතිනු ඇති.
එම මුහුදු ප්‍රදේශවල තාවකාලික ඉතා තද සුළං පැ.කි.මී. 60, සමඟින් තද වැසි පැවතිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකියි.
ඒ අනුව එම පද්ධතියේ බලපෑම හේතුවෙන් දෙසැම්බර් 10 වැනිදා සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන අතර දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වයද ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි බලාපොරොත්තු වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර අද (08) දිනයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.