කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ මහජන දිනය ප්‍රකාශයට පත් කෙරේ

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ මහජන දිනය ප්‍රකාශයට පත් කෙරේ

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ මහජන දිනය සෑම මසකම පළමුවන සඳුදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ පරිශ්‍රයේදී යි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම මහජන දිනය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් සියළු ආයතන, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම මහජන දිනය පැවැත්වෙනු ඇති.

එහිදී, එම අමාත්‍යාංශයට අදාළ මෙතෙක් නොවිසඳුනු ජනතා ගැටලු වගකිවයුතු බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට ජනතාවට අවස්ථාව සැලසෙනවා.

එමෙන්ම එම ගැටළුවලට සුදුසු විසඳුම් ඒ මොහොතේදීම ලබාදීමට අමාත්‍යාංශය තීරණය කර ඇති බව වැඩිදුරටත් සඳහන්.

Share This