සහල් මෝල් විශේෂ පරීක්ෂාවකට

සහල් මෝල් විශේෂ පරීක්ෂාවකට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ තිස්සමහාරාම සහල් මෝල් විශේෂ පරීක්ෂාවට ලක් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අද (08) පියවර ගෙන තිබෙනවා.

දෛනිකව වෙළෙඳපොළට ලබාදෙන සහල් තොග සම්බන්ධයෙන් අධීක්ෂණය කරන ලෙස ඊයේ (07) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උපදෙස් ලබා දී තිබුණා.

ඒ අනුවයි පොළොන්නරුව මහා පරිමාණ මෙන්ම මධ්‍ය සහ සුළු පරිමාණ සහල් මෝල් පරීක්ෂාවට ලක් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත්තේ.

සහල් මෝල්වල දැනට පවතින තොග වෙළෙඳපොළට නිකුත් කරන සහල් ප්‍රමාණය මෙන්ම සහල් මෝල්වල දෛනික නිෂ්පාදනය කරන සහල් තොග පිළිබඳ සියලුම් වාර්තා ලබා ගැනීම මෙහිදී සිදුකිරීමට නියමිතයි.

Share This