හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ප්‍රසාද් රණසිංහ මහතා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.  කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් අනුව සිදු කෙරෙන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

කුණ්ඩසාලේ උඩ මළුව පුරාවිද්‍යා භූමියේ තිබූ මහනුවර රාජධානියට අයත් සිංහල රාජ වංශයේ අවසන් රජු වන  ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ  රජතුමාගේ. මාලිගයේ පිවිසුම් ගැට පෙළ අසල තිබූ ඓතිහාසික පුරාවිද්‍යා වටිනාකමින් යුත්තේ සඳගල නම් පුරාවස්තුව සොරකම් කිරීමට අදාලව සිදු කරන ලද  විමර්ශන නිසි ලෙස සිදු නොකිරීමට බලපෑම් කිරීම සහ එම නඩුවේ සැකකරුවන් කිහිප දෙනෙකුට ගැලවී යාමට ඉඩ සලසා දීම තුළින් දූෂණය සිදු කළේ යැයි කියන චෝදනාව මත හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share This