දකුණු මුහුදේදී නාවික හමුදාව අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික ප්‍රමාණයක් සොයාගෙන

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව තුළ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 600කට අධික ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබෙන බවට සැක පිට මෙම යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන තිබූ අතර, එහි සිදුකළ සෝදිසි කිරීමේදී එම මත්ද්‍රව්‍ය තොගය හමුවී ඇත.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එම බහුදින ධීවර යාත්‍රාව ඉදිරි දින දෙක තුළ ගොඩබිමට රැගෙන ඒමට නියමිත බවයි. එම යාත්‍රාව තුළ සැලකිය යුතු ආයුධ ප්‍රමාණයක් ද තිබී ආරක්ෂක අංශ භාරයට ගත් බව ද ඔහු සඳහන් කළේය.

Share This