වියට්නාමයේ ඉන්ධන හිඟය හමුවේ සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට උපදෙස්

ඉරාන යුද්ධය හේතුවෙන් ඇති වූ ඉන්ධන සැපයුම් කඩාකප්පල් වීම් සහ මිල ඉහළ යාම හමුවේ ඉන්ධන ඉතිරි කර ගැනීමේ උත්සාහයක් ලෙස සිය සේවකයින් නිවසේ සිට වැඩ කිරීමට දිරිගන්වන ලෙස වියට්නාම ව්‍යාපාරිකයින්ට එරට වෙළෙඳ අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

එක්සත් ජනපද-ඊශ්‍රායල් ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසු මැදපෙරදිග බලශක්ති ආනයනය මත දැඩි ලෙස යැපෙන වියට්නාමය, ඉන්ධන හිඟයෙන් වඩාත්ම දැඩි ලෙස පීඩාවට පත් රටවල් අතරට එක් වී ඇති බව කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශයේ වාර්තාවක් උපුටා දක්වමින් අඟහරුවාදා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

“හැකි සෑම විටකම ගමන් බිමන් සහ ප්‍රවාහන අවශ්‍යතා අවම කර ගැනීම සඳහා නිවසේ සිට වැඩ කිරීමට සේවකයින් දිරිමත් කරන්න” යනුවෙන් එම නිවේදනයේ ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා ඇත.

ප්‍රමුඛ පෙළේ ඉන්ධන වෙළෙඳ සමාගමක් වන පෙට්‍රොලිමෙක්ස් හි දත්තවලට අනුව, පසුගිය මාසය අවසානයේ සිට මෙම දකුණු ආසියාතික රටේ පෙට්‍රල් මිල සියයට 32 කින්, ඩීසල් මිල සියයට 56 කින් සහ භූමිතෙල් මිල සියයට 80 කින් ඉහළ ගොස් තිබේ.

අඟහරුවාදා අගනුවර වන හැනෝයි හි පෙට්‍රල් හල්වල මෝටර් රථ සහ යතුරුපැදි දිගු පෝලිම් දක්නට ලැබුණි.

ඉන්ධන ගබඩා කිරීම හෝ කොටස් තොග තබා ගැනීම නොකරන ලෙස ද අමාත්‍යාංශය ව්‍යාපාරිකයින්ට සහ පුද්ගලයින්ට උපදෙස් දෙයි.

ඉන්ධන සහ බොරතෙල් සැපයුම් සුරක්ෂිත කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ෆාම් මින් චින් සඳුදා කුවේටය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිය  දුරකථන ඇමතුම් ලබා දුන්නේය.

එසේම අප්‍රේල් මස අවසානය දක්වා ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ආනයන තීරුබදු ඉවත් කිරීමට ද වියට්නාමය සඳුදා තීරණය කළේය.

Share This