නායයෑමේ අධි අවදානම් කලාපවල වෙසෙන පවුල් නැවත පදිංචිය කඩිනම් කරයි

නව නිවසකට එක් පවුලකට රුපියල් ලක්ෂ 25 බැගින්

නාය යෑමේ අධි අවදානම් කලාපවල වෙසෙන පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නිවසක් ඉදිකිරීම සඳහා ලබාදෙන මුදල මෙතෙක් පැවති ලක්ෂ 16 සීමාව සංශෝධනය කර ලක්ෂ 35 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි.

නායයෑම් හේතුවෙන් හෝ නායයෑමේ අධි අවදානම පවතින ප්‍රදේශවල සිටින පවුල් හඳුනාගෙන ඔවුන් වෙනත් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව ප්‍රතිලාභියා විසින් නිවස ඉදිකර ගැනීමේ ක්‍රමවේදය යටතේ එම පවුල් සඳහා නිවාස ඉදිකිරීමට මූල්‍ය සහාය ලබාදෙයි.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව මෙම සංශෝධනය සිදු කර ඇති අතර, එම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

Share This