ආපදාවලට පෙර සූදානම් කිරීමේ පද්ධති සංවර්ධනයට කැබිනට් අනුමැතිය
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය විසින් ආපදා කළමනාකරණය කිරීමේ කාර්යය ප්‍රතිචාර හා ප්‍රතිසාධනය පදනම් කරගත් ආපදා ඇති වූ පසු ප්‍රතිචාර දැක්වීමේ ආකෘතියේ සිට විද්‍යාව මත පදනම් වූ ආපදා හටගැනීමට පෙර ඒ සඳහා ඔරොත්තු දීමේ රාමුවක් බවට පරිවර්තනය කිරීම සඳහා වැඩසටහනක් ආරම්භ කර ඇත.
ඒ අනුව දේශගුණික ආතති පරීක්ෂණයක් ලෙස දිට්වා සුළි කුණාටුවෙන් උගත් පාඩම් යන තේමාව ඔස්සේ 2026 ජනවාරි 14 ආයතනික පර්යේෂණ අවශ්‍යතා ඇඟයිමේ ජාතික වැඩසටහනක් පවත්වනු ලැබීය.
මෙම වැඩසටහන අධීක්ෂණය සඳහා පත්කරනු ලැබ ඇති කමිටුව විසින් විද්‍යාව මත පදනම් වූ ආපදාවන්ට ඔරොත්තු දීමේ හැකියාව සඳහා වන උපායමාර්ගික පර්යේෂණ සහ පද්ධති සංවර්ධනය සඳහා වන නිර්දේශ 07න් සහ එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ සක්‍රීය කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ 07න් යුතුව සිය වාර්තා ඉදිරිපත් කර ඇත.
එම ද්විත්ව මාර්ගික ක්‍රමෝපාය ම් ක්‍රියාත්මක කිරීම සඳහා ද්‍ය හා තාක්ෂණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
