යෝෂිත රාජපක්ෂට අධි චෝදනා බාරදෙයි

I am the victim of a political witch-hunt again” - Yoshitha - Breaking News  | Daily Mirror

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාලපුත් යෝෂිත රාජපක්ෂට අයත් පෞද්ගලික බැංකුවක ගිණුමකට රුපියල් මිලියන 17 ක මුදලක් බැර වීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ පවරා තිබූ නඩුවක අධි චෝදනා භාරදීම අද (10) දින හෝමාගම මහාධිකරණයේදී සිදුවිය.

එහිදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ මුදල් ඇප දෙකක් සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හරින ලෙස හෝමාගම මහාධිකරණ විනිසුරු ක්‍රීෂාන්ති අමරතුංග මහත්මිය නියෝග කළාය.

තවද මාර්තු මස 19 දින සිට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද සෑම මසකම පළමු ඉරිදා සහ තුන්වන ඉරුදින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද නියෝග කළාය .

Share This