රාජාංගනයේ නිවසක් ඉදිරිපිට ජීව අත්බෝම්බයක්
විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, නිවසක වැටක් ඉදිරිපිට තිබී පොලිස් විශේෂ කාර්ය බලකායේ කළුවරගස්වැව හමුදා කදවුරේ නිලධාරින් විසින් අද (08) අළුයම සොයා ගෙන තිබෙනවා.
රාජාංගනය පොලිස් වසමේ යාය 06, අක්කර පනහ, උස්සාන කොටසේ නිවසක වැටක් ඉදිරිපිට තිබී මෙම ජීව අත්බෝම්බය සොයාගෙන ඇති බව සඳහන්.
මෙම අත්බෝම්බය දුටු අදාළ නිවසේ හිමිකරු විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ කලුවරගස්වැව කඳවුරේ නිලධාරින්ට මේ සම්බන්ධයෙන් දැනුම්දී තිබෙනවා.
ඒ අනුව එම කඳවුරේ නිලධාරින් විසින් මෙම බෝම්බය සොයා ගෙන තිබුණා.
මෙම අත්බෝම්බය මෙම ස්ථානයට ගෙන ආ පුද්ගලයෙකු පිළිබඳව මෙතෙක් නිසි තොරතුරක් අනාවරණ වී නැහැ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අධික්ෂණය යටතේ මෙම ජීව අත්බෝම්බය නිශ්ක්රීය කිරිමට නියමිතයි.