අද දිනයේත් ලිට්‍රෝ ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් වෙළෙඳපොළට – ලිට්‍රෝ ගෑස් සමාගම

අද (09) දිනයෙත් ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක් වෙළෙඳපොලට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.  ගතවූ කාලය ගෑස් මෙට්‍රින් ටොන් 7900 ක් මෙරටට ආනයනය කර ඇති බව එහි සභාපති චන්න ගුණවර්ධන මහතා පවසයි. මාර්තු මාසය පමණක් ගෑස් මෙට්‍රික් ටොන් 38000 අයදුම් කර ඇති බවත් තව මෙට්‍රික් ටොන් 30,000ක් මාලදිවයිනේ රඳවා තබා ඇතැයිද ඔහු වැඩි දුරටත් පවසයි.

අයදුම්කළ තවත් ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් රැගත් නෞකාවක් මාර්තු 17 මාලදිවයිනට පැමිණීමට නියමිත බව ලිට්‍රෝ සමාගම වැඩි දුරටත් සදහන් කරයි.

Share This