ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස කමේනිගේ පුත් මොජ්තබා කමේනි පත්වෙයි

ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගෙන් පසු, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තේරීපත්ව ඇත.

මොජ්තබා කමේනි දරුවන් හය දෙනාගෙන් දෙවැන්නා වේ. ඔහු ටෙහෙරානයේ ආගමික අලවි පාසලෙන් ද්විතීය අධ්‍යාපනය ලබා ඇතැයිද වැඩි දුරටත් සදහන්.

ඉරාන මාධ්‍ය සදහන් කරන්නේ  ඔහු අවුරුදු 17දී ඉරාන – ඉරාක යුද්ධය අතරතුර කෙටි කාලයක් එරට යුද හමුදාවේද සේවය කර ඇති බවයි.

ඒ අනුව දශක තුනකට අධික කාලයක් ඉරානය පාලනය කළ අයතුල්ලා අලි කමේනිගෙන් පසු ඔහුගේ පුතා වන මොජ්ටාබා කමේනි මින් ඉදිරියට ඉරානය පාලනය කරනු ඇතැයිද සඳහන් වේ.

Share This