ට්‍රම්ප්ගෙන් එක්සත් රාජධානියට දැඩි ප්‍රහාරයක්: “යුද්දෙන් පස්සෙ එන අයට අපි කැමති නෑ”
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නැවතත් ලෝක දේශපාලනය උණුසුම් කරන ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ ඔහුගේ truth සමාජජාලා පිටුව ඔස්සේ.
එක්සත් රාජධානියේ අගමැති කෙයිර් ස්ටාමර්ට (Keir Starmer) එරෙහිව සිදුකළ ප්‍රකාශයකදී ට්‍රම්ප් පවසන්නේ, මැදපෙරදිගට යුධ නැව් දෙකක් යැවීමට බ්‍රිතාන්‍යය තීරණය කිරීම ගැන තමන්ට දැන් වැඩක් නැති බවයි.
ට්‍රම්ප්ගේ සම්පූර්ණ ප්‍රකාශය මෙසේයි:
“අපේ එක්සත් රාජධානිය, අපේ එකදු සගයෙක් වෙන්න පුළුවන්, සමහරවිට ඒ අය අපේ ලොකුම සගයා, දැන් අවසානයේ මැදපෙරදිගට ගුවන් යානා වාහක නැව් දෙකක් යවන්න හිතනවා. ඒක හරි, අගමැති ස්ටාමර්, අපිට තවදුරටත් ඒවා ඕන නෑ — ඒත් අපි මේක මතක තියාගන්නවා. අපි දැනටමත් ජයග්‍රහණය කරපු යුද්ධවලට පස්සෙ එකතු වෙන මිනිස්සු අපිට ඕන නෑ!”
මෙම ප්‍රකාශයෙන් පිළිබිඹු වෙන්නේ යුක්රේනය හෝ මැදපෙරදිග ගැටුම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය ප්‍රමාද වී ක්‍රියා කිරීම පිළිබඳ ට්‍රම්ප්ගේ අප්‍රසාදය විය හැකියි. දේශපාලන විචාරකයන් පවසන්නේ, මෙය නේටෝ සන්ධානය තුළ පවා ඉරිතැලීම් ඇති කළ හැකි ප්‍රකාශයක් ලෙසයි සැලකෙන්නේ.
මේ ගැන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නැහැ.

