නේපාල මැතිවරණයෙන් හිටපු රැප් ගායක බාලේන්ද්‍ර ෂා අගමැති අපේක්ෂකයාට විශිෂ්ට ජයක්
නේපාලයේ මහ මැතිවරණයෙන් ආර්.එස්.පී පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ. හිටපු රැප් ගායකයෙකු වන 35 හැවිරිදි බාලේන්ද්‍ර ෂා ප්‍රමුඛ එම පක්ෂය ඊයේ (08) පැවති මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ ආසන 117 න් 91 ක් දිනා ගැනීමට සමත් විය.
ඓතිහාසික ජයග්‍රහණයක්
කත්මණ්ඩු නගරයේ හිටපු ස්වාධීන නගරාධිපතිවරයෙකු ද වන ෂා, සිය මැතිවරණ බල ප්‍රදේශයේදී සිව්වතාවක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ කේ.පී ෂර්මා ඔලී පරාජය කිරීම මෙම ජයග්‍රහණයේ විශේෂත්වයකි. එහිදී ෂා ඡන්ද 68,368ක් ලබා ගනිමින් ඡන්ද 18,734ක් පමණක් ලබා ගත් ඔලී පරාජයට පත් කළේ ඡන්ද 50,000කට ආසන්න වැඩිමනකිනි.
කත්මණ්ඩුවේ ආධිපත්‍යය
කත්මණ්ඩු නගරයේ මැතිවරණ බල ප්‍රදේශ 10 න් සියල්ලම ආර්.එස්.පී පක්ෂය දිනා ගැනීම ද විශේෂත්වයක් විය. නේපාල කොංග්‍රස් පක්ෂය ආසන 13ක් දිනා ගැනීමට සමත් විය.
පසුබිම
තරුණ ප්‍රජාවගේ නායකත්වයෙන් ඇති වූ විරෝධතා හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මාසයේදී නේපාල රජය බිඳ වැටුණු අතර, නව රජයක් තෝරා පත් කර ගැනීම සඳහා පසුගිය 05 වැනිදා මෙම මහ මැතිවරණය පැවැත්විණි.
මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණයත් සමඟ හිටපු රැප් ගායකයෙකු වන 35 හැවිරිදි බාලේන්ද්‍ර ෂා නේපාලයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වනු ඇතැයි බහුතරයක් දේශපාලන විශ්ලේෂකයින් පවසති.
