බලශක්ති ඇමැති කුමාර ජයකොඩිට අල්ලසෙන් නඩු

අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසමෙන් අධිචෝදනා: වසර 10කට පෙර සිදු වූ රුපියල් ලක්ෂ 88ක පාඩුවක් සම්බන්ධයෙන් නඩු පැවරීමක්

කොළඹ, මාර්තු 07 – වසර 10කට පෙර රජයට රුපියල් ලක්ෂ 88 1/2 ක පමණ පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් වත්මන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා පනතේ 70 වැනි වගන්තිය යටතේ විග්‍රහ කෙරෙන ‘දූෂණය’ නමැති වරද සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩු පැවරීම සිදුකර ඇත.

අධිචෝදනා පත්‍රයේ සඳහන් වන ආකාරයට, 2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස කටයුතු කළ කුමාර ජයකොඩි මහතා, එම සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසි සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇත. එමගින් රජයට රුපියල් 88,59,708ක (රුපියල් ලක්ෂ අටක් සහ පනස් නවදහස් හත්සිය අටක්) පාඩුවක් සිදුව ඇති බව චෝදනා පත්‍රයේ දැක්වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වසර 10කට පමණ පසු මෙම නඩු පැවරීම සිදුකර ඇති අතර, මීළඟ නඩු විභාග කටයුතු කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිතය.

Share This