පාකිස්තානයේ පෙට්‍රල් සහ ඩීසල් මිල රු.55කින් නගී
මැදපෙරදිග ආරක්ෂක අර්බුදය හමුවේ පාකිස්තාන රජය අද (07) සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ලීටරයකට රුපියල් 55 කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, කලාපීය ආතතීන් හේතුවෙන් ඇති වූ ගෝලීය තෙල් මිල ඉහළ යාම සහ සැපයුම් අර්බුද හේතුවෙන් මෙම තීරණය ගැනීමට බලධාරීන්ට සිදුවූ බවයි.
පාකිස්තාන මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, නව මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන අතර, එය ඉදිරි දින හතක කාලයක් සඳහා ක්‍රියාත්මක වේ. මෙම මිල සංශෝධනය දැනට පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ ජනතාවට දැඩි බරක් වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
