ඩොලරය ඉහළට – රුපියල වැටෙයි
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ බ්‍රහස්පතින්දා (05) දිනට සාපේක්ෂව අද (06) තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව, එක්සත් ජනපද ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 306.80 සිට රු. 307.53 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රු. 314.23 සිට රු. 315.10 දක්වා වැඩි වී තිබේ. මෙය රුපියලේ අගය තවදුරටත් පහළ යාමක් බව පෙන්නුම් කරයි.

