කුඩු ග්‍රෑම් 35ට මැරෙනතුරු හිරගෙට

හෙරොයින් ග්‍රෑම් 35.474 ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධව  හලාවත මහාධිකරණයේදී වරදකරුවකු වූ අයකුට හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර අද (06) දින ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළාය.

මහාධිකරණ විනිසුරුවරිය විසින් මෙම දඬුවම පමුණුවනු ලැබු‌වේ ඉම්මි අප්පුහාමිලාගේ කසුන් විමංග යන සැකකරුටයි.

මෙම සැකකරුට විරුද්ධව හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35.474 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා හතරක් යටතේ නීතිපති විසින් අධිචෝදනා ඉදිරිපත් කර තිබුණි.

Share This