මැයි දිනේට පෙළපාලිි නෑ අපි තියන්නේ බෝධි පූජා – පොහොට්ටුව තීරණය කරයි
මෙවර මැයි පෙළපාලියක් සංවිධානය නොකිරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපකෂගේ යෝජනාවක් අනුව පක්ෂ විධායක සභාව අද දිනයේ එම තීරණය ගෙන ඇත.
එහිදී තීරණය කර ඇත්තේ, මැයි පළමුවන දින පෝය දිනයක් බැවින් එදින පෙළපාළි නොගොස් සෑම ප්රදේශීය සභාවකම බෝධිපුජාවක් පවත්වා කම්කරුවන්ට සෙත් පැතීමටය. එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපකෂගේ ප්රධානත්වයෙන් ටී.බී ඉලංගරත්නගේ පිළිරුව අසල ලෝක කම්කරු දිනය සැමරීමට ද මෙහිදී වැඩිදුරටත් තීරණය කර තිබේ.
