මැදපෙරදිගට යන-එන ගුවන් ගමන් රැසක් අවලංගුයි

මැදපෙරදිග ඇතිවී තිබෙන යුධමය පසුබිම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළට අද (01 ) දහවල් 12.00 වනවිට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා 26 ක ගුවන් ගමන් අවලංගු වී තිබූ අතර , කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් ගමන් 28 ක් පමණ අවලංගු වී ඇතැයි කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසයි.

මැදපෙරදිග රටවලට හෝ ඒ්  ඔස්සේ වෙනත් රටවල් වෙත යාමට සැළසුම් කර ඇති ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපොළ වෙත නොපැමිණ , තමන්ගේ ගුවන් සේවා පහසුකම් සපයන ආයතනවලින් විමසන ලෙස ද කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ඉල්ලා සිටී.

මැදපෙරදිග හැර පෙරදිග  සහ මධ්‍යම ආසියානූ කළාපයේ රටවල් වෙත  සුපුරුදු පරිදි ගුවන් ගමන්  සිදු වන බවද කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කරයි .

Share This