දිවයිනේ කාලගුණික තත්ත්වය වෙනස් වේ

බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්

දිවයිනේ කාලගුණික තත්ත්වය වෙනස් වේ

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ කාලගුණික තත්ත්වයන් වෙනස් වණු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි බලපෑම යටතේ දෙසැම්බර් 10 වැනිදා සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වය වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර ඊසාන දිග මෝසම් තත්ත්වය ද ඉහත තත්ත්වය සමඟ ක්‍රමයෙන් දිවයින හරහා ස්ථාපිත වණු ඇති බව සඳහන්.
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් සමගින් බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

දිවයිනේ අනෙක් ස්ථානවල ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණයක් පවතිනු ඇති අතර බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව සඳහන්.

Share This