ලොහාන් රත්වත්තේ යළි අත්අඩංගුවට

ලොහාන් රත්වත්තේ යළි අත්අඩංගුවට

ඇප මත මුදා හැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පොලීසිය විසින් යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොල්ලුපිටිය ප්‍රදේශයේදී යි.

බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඔහුව යළි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නීතිවිරෝධීව එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ලොහාන් රත්වත්තේ මහතා ඊයේ (05) දිනයේ නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහරිනු ලැබුවා.

ඊයේ දිනයේ එලෙස ඇප මත මුදා හළ රත්වත්තේ මහතා, අද රිය අනතුරක් සම්බන්ධයෙන් යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

Share This